loader

කාන්තාවක වැඩිවියට පත්වීමේ සිට ආර්ථවහරණය දක්වා ඇගේ ඔසප්චක්රය නිසිපරිදි සිදුවන්නේ නම් එය ඇය යහපත් සෞඛ්යය තත්වයෙන් සිටිනබව පෙන්වාදීමේ ප්රමුඛ සාධකයක් ලෙස දැක්විය හැකිය. කාන්තාවක සමස්ථයක් ලෙස සෑම දින 28කට වරක්ම සිය ඔසප්චක්රය සම්පූර්ණ කරයි. නමුත් යම් යම් අවස්ථා වලදී ජානවල බලපෑම හෝ වැරදි ඇවතුම් පැවතුම් හේතුවෙන් මෙහි යම්කිසි විෂමතාවයන් ඇතිවිය හැක. Amenorrhea යනු ඒ අතුරින් එකකි. Amenorrhea යනු එක් ආර්ථවයක් හෝ ආර්ථවයන් කිහිපයක් සිදුනොවීමයි. ආයුර්වේදය තුළ මෙය ‘අනාර්ථව’ ලෙස හඳුන්වයි. 

  ගර්භනීභාවය, මවුකිරි දීම, ආර්ථවහරණය අවස්ථා වලදී සාමාන්ය ජීවිතය තුල ස්වභාවික අවස්ථාවන් ලෙස අනාර්ථව තත්වය අත්විඳිය හැකිවුවද රෝග තත්වයක් ලෙස ගත්කල තත්වය ඊට වෙනස්වේ. එයට අනුව Amenorrhea ප්රධාන වශයෙන් ආකාර දෙකකි.

Primary amenorrhea 

ගැහැණු දරුවෙකු අවුරුදු 15ක් වන විටදීද වැඩිවියට පත්නොවූයේ නම්, එනම් සිය ප්රථම ඔසප්වීම සිදුනොවූයේ නම් එය primary amenorrhea නම්වේ.

Secondary amenorrhea 

පෙර සාමාන්ය පරිදි ඔසප්වීම සිදුවූ අයෙකුට එකදිගට ආර්ථවයන් තුනක් හෝ ඊට වැඩි ගණනක් ඔසප්වීම සිදුනොවීමයි. 

ස්වභාවික අනාර්ථව හේතූන්ට අමතරව පහත සඳහන් කරුණු මේ තත්වය ඇතිවීම සඳහා මූලිකවම හේතුවේ.

  • උපත් පාලන පෙති භාවිතය

සමහර අවස්ථා වලදී උපත් පාලන පෙති භාවිතා කිරීම හේතුවෙන් ඔසප්වීම නවතින අතර එම උපත් පාලන පෙති ගැනීම නැවැත්වූවද නැවත ඔසප්වීම සිදුවීම සඳහා යම්කිසි කාලයක් ගතවිය හැක.

  • සමහර ඖෂධ වර්ග

පිළිකා නාශනය සඳහා සිදුකරන ප්රතිකාර, ආසාත්මිකතා, කාංසාව හා අධි රුධිර පීඩනය සඳහා ගන්නා ඖෂධ හේතුවෙන් amenorrhea තත්ව ඇතිවිය හැක.

  • මානසික පීඩනය

හයිපොතැලමස මගින් ඔසප්චක්රය ඇතිකිරීම සඳහා දායක වන හෝර්මෝන ස්රාවය කරන අතර මානසික පීඩනය මගින්  තාවකාලිකව ඔබගේ හයිපොතැලමසට බලපෑම් ඇතිකල හැකි නිසා ඔසප්වීම හා ඩිම්බ මෝචනය නැවතිය හැක.

  • හෝර්මෝන අසමතුලිතතා

තයිරොයිඩ් ග්රන්ථීය, පිටියුටරි ග්රන්ථීය ඔසප් චක්රය සඳහා බලපාන හෝර්මෝන නිකුත් කරන අතර මෙම ග්රන්ථී වල අසාමාන්යතා හා රෝගී තත්වයන් ඔසප්චක්රයට බලපෑම් ඇතිකරයි. මීට අමතරව PCOD තත්වයද සිරුර තුළ හෝර්මෝන සමතුලිතතාවයට බලපෑම් එල්ලකරයි.

  • ව්යුහගත දෝෂ තත්ව

කළල අවධීයේම ප්රජනන අවයව විකසනයේදී ඇති වන දෝෂ හා යෝනිමාර්ගය අවරෝධ වීම නිසා amenorrhea තත්ව ඇතිවිය හැක.

  • ආර්ථව අභාවය

මෙහිදී අඩු වයසින් ආර්ථවහරණය සිදුවේ. මෙයට රක්තහීනතා තත්ව, සප්ත ධාතු ක්ෂයවීම, ගර්භාෂ අර්බුද, පෝෂණයෙන් හීන ආහාර ගැනීම, ස්රෝතස් අවරෝධය ආදිය මීට හේතුවිය හැක.

මාසික ඔසප්වීම මගහැරීමට අමතරව පහත රෝග ලක්ෂණ amenorrhea තත්වයකදී පෙන්නුම් කළහැක.

  • හිසරදය
  • ඇස් පෙනීමේ දුර්වලතා
  • මුහුණේ රෝම අධිකවීම
  • හිසකේ ගැලවීයාම
  • පියයුරු වල ප්රමාණය වෙනස්වීම
  • පියයුරු වලින් ස්රාවයන් නිකුත්වීම

ආයුර්වේද වෛද්ය ශාස්ත්රයට අනුව දෝෂ තත්වයන්ගේ වෙනස්වීම මත රෝග ඇතිවීම සිදුවේ. අනාර්ථවය කෙරෙහි මූලික වශයෙන් කඵ හා වාත දෝෂ කෝපවීම බලපායි. අධික ශීතල ආහාර පාන, ලඝු හා රූක්ෂ ආහාර වැඩි වශයෙන් ආහාරයට ගැනීමේදී වාත දෝෂය කෝපවේ. තවද අධික ව්යායාම මානසික ආතතියද වාත දෝෂය වෘද්ධිවීම කෙරෙහි බලපායි. එසේම බදින ලද ආහාර හා මධුර ආහාර වැඩිවශයෙන් භාවිතා කිරීමෙන් කඵ දෝෂය වැඩිවේ. මෙසේ ක්රමයෙන් වාත හා කඵ දෝෂයේ වැඩිවීම ආර්ථවවහා ස්රෝතස අවරෝධ කරවයි. ඒ හේතුවෙන් අනාර්ථව තත්වය ඇතිවේ. ආයුර්වේදය තුල මේ සඳහා පහත ප්රතිකාර ක්රම උපයෝගී කරගනී.

පංචකර්ම ප්රතිකාර

  • අභ්යංග හා ස්වේදන කර්ම – මෙය වාත දෝෂය සමනය කරයි.
  • අනුවාසන හා උත්තර වස්ති කර්ම – වාත දෝෂය සමනය කර ආර්ථව වහා ස්රෝතස් වල අවරෝධය නැතිකරයි.
  • ශිරෝධාරා – මානසික ආතතිය අවම කරයි. පිටියුටරි ග්රන්ථීයේ නිසි ක්රියාකාරීත්වය පවත්වා ගැනීමෙන් හෝර්මෝන සමතුලිතතාවයට උපකාරී වේ.

ඖෂධීය ශාක

  • කෝමාරිකා – Primary amenorrhea සඳහා වඩාත් සුදුසුයි.
  • ශතාවරී (හාතවාරිය) – ආර්ථවචක්රය සඳහා බලපාන හෝර්මෝන යාමනයට උපකාරී වේ. එසේම රුධිරය පිරිසිදු කිරීම හා කාන්තා ප්රජනන පද්ධතිය පෝෂණය කිරීම සිදුකරයි.
  • විදාරිකන්දා – විශේෂයෙන්ම ඔසප්චක්රය ඇතිකිරීම සඳහා හේතුවන ඊස්ට්රජන් හා ප්රොජෙස්ටරෝන් හෝර්මන වල ක්රියාකාරීත්වය යාමනය කරයි.
  • හරිද්රා (කහ) – කඵ හා ආමය අඩු කර පිත්ත දෝෂය වැඩිකරයි.  

ආහාර 

  • රතු පරිප්පු හා මුං ඇට ආහාරයට ඉතා යහපත් වන අතර ඒවා තම්බාගත් වතුරද ආහාරයට එක්කර ගන්න.
  • පලතුරු වශයෙන් මිදි, වියළි මිදි, ඇපල්, ගස්ලබු ආහාරයට ගැනීම ඉතාම යෝග්යයි.
  • එළුමස්, මෝරු ආදිය ආහාරයට ගැනීම යහපත් වේ.
  • මේද රහිත කිරි කහ ස්වල්පයක් (1 pinch) හෝ ඉඟුරු චූර්ණයෙන් ස්වල්පයක් එක්කර පානය කිරීම යෝග්යයි.

විහරණ 

  • යෝග ව්යායාම වල යෙදීම. මෙමගින් මානසික ආතතිය අවම වන අතර ඔසප් ස්රාවය සඳහා ප්රජනන උත්තේජනය කරවයි. සූර්යනමස්කාරය, චක්රාසන, මත්ස්යාසන සුදුසු යෝගාසන වේ.
  • ප්රමාණවත් නින්දක් ලබාගැනීම.
  • ප්රමාණවත් පරිදි ජලය පානය කිරීම.
  • රසායනික උපත් පාලන ඖෂධ ලබාගැනීමෙන් වැළකීම.
  • ව්යායාම වල නිරතවීම.

   ආයුර්වේදය තුළ රෝගයන්ට ප්රතිකාර කිරීමේදී පුද්ගලානුබද්ධ චිකිත්සීය ක්රම අනුගමනය කරන අතර මෙහිදී රෝග රෝගී බලාබලත්වය සැලකිල්ලට ගනී. පලපුරුදු ආයුර්වේද වෛද්යවරයෙකු හමුවී ප්රතිකාර ගැනීම තුලින් Amenorrhea තත්වය තවදුරටත් ඔබට ගැටළුවක් නොවනු ඇත.

Leave a Reply