loader

අප අවට පරිසරයේ සිදුවන සිදුවීම හා වෙනස්කම් සංවේදනය කරන ප්රධාන සංවේදන ඉන්ද්රියන් පහකි. ඇස, කණ , නාසය, දිව, සම ලෙස ඒවා දැක්විය හැක. මින් අපේ ඇසීමට හේතුවන එනම්  ශබ්ද සංවේදනය ලබාදෙන ඉන්ද්රිය ලෙස කණ හෙවත් කර්ණේන්ද්රිය හැඳින්විය හැක. 

   මෙම කර්ණේන්ද්රියෙහි ඇතිවන දෝෂ තත්වයන් නිසා ශබ්ද සංවේදනයේ අක්රමිකතා ඇතිවේ. ආයුර්වේදයට අනුව කර්ණ රෝග ඇතිවීමට හේතුවන ප්රධාන කාරණා 3ක් දක්වා ඇත.

අසාත්මේන්ද්රියාර්ථසංයෝග – 

මෙහිදී අතියෝග, හීනයෝග හා මිත්යායෝග ලෙස කර්ණ ඉන්ද්රිය භාවිතයෙන් ශබ්ද ශ්රවණය කිරීම දැක්වියහැක. 

  • අතියෝග – ඉතා තියුණු ශබ්ද නිතර ශ්රවනණය, අධික සංඛ්යාතයකින් යුතු ශබ්ද ශ්රවණය දැක්විය හැක.
  • හීනයෝග – ශ්රවණය කළ යුතු පරාසයට වඩා අඩු සංඛ්යාතයකින් යුතු ශබ්ද ශ්රවණය කිරීමට උත්සහ දැරීම
  • මිත්යායෝග – දුරකථන, headsets බොහෝවේලා කණ ආශ්රිතව තබාගැනීම, නිතරම කඨෝර ශබ්ද වලට සවන්දීමට සිදුවීම

ප්රඥාපරාධ –

මෙහිදී දැන දැනම කර්ණ ඉන්ද්රිය වැරදි අයුරින් හැසිරවීම සිදුකරයි. 

පරිණාම –

දේශගුණික කාලගුණික වෙනස් වීම්ද කර්ණ රෝගවලට හේතු වියහැක.තවද මීට අමතරව

  • අධික ලෙස කඵ දෝෂය එක් රැස්වීම
  • ප්රතිශ්යා තත්ව
  • පිහිනීම, කිමිදීම වැනි ජලක්රීඩා කටයුතු 
  • නොයෙක් උපකරණ භාවිතයෙන් කණ අභ්යන්තරය කැසීම
  • කණ සුද්ධ කිරීමට නොයෙක් උපකරණ කණ තුළට නුසුදුසු ලෙස ඇතුල්කිරීම ආදිය දැක්විය හැක.
  • ශිරෝභිඝාත හෙවත් හිසට සිදුවන අනතුරු
  • කණෙහි ඇතිවන ප්රදාහ තත්ව (Inflammations)

මෙවැනි හේතූන් රාශියක් නිසා ඇතිවන ආයුර්වේදය තුළ දක්වා ඇති කර්ණරෝග කිහිපයක් මෙසේය.

  1. කර්ණ රෝග (වාතජ, පිත්තජ, කඵජ, සන්නිපාතජ)
  2. කර්ණ ශූල (වාතජ, පිත්තජ, කඵජ, රක්තජ)
  3. කර්ණ ස්රාව
  4. කර්ණ කණ්ඩු (කැසීම)
  5. කර්ණ විද්රධි
  6. කර්ණ පාක
  7. පූතිකර්ණ
  8. කෘමිකර්ණ
  9. කර්ණ ශෝත
  10. බාදිර්ය (බිහිරි බව)

මෙම රෝග වලදී පහත සඳහන් ලක්ෂණ රෝගියා තුළ ඇතිකරයි.

පූර්ව ලක්ෂණ

  1. කර්ණමළ (ear wax) වැඩිපුර සෑදීම
  2. කණ අභ්යන්තර කැසීම් තත්ව

රෝග ලක්ෂණ

  1. කණෙහි ඇතිවන අසාමාන්ය වේදනාව
  2. කණෙන් විවිධ වර්ණ වලින් යුතු ස්රාවයන් වැගිරීම
  3. කණ අභ්යන්තරයෙන් දුගඳක් හැමීම
  4. කර්ණමළ (ear wax) වියළීම
  5. කණ ඉදිමීම, රතුවීම හා දැවිලිමය තත්ව
  6. කණ් ඇසීමේ දෝෂ

    ආයුර්වේද වෛද්ය ශාස්ත්රය තුළ කර්ණ රෝග නැසීම සඳහා ප්රතිකාර ක්රම රාශියක් දක්වා ඇති අතර කර්ණ රෝග ශමනය කිරීමේදී බහුලව භාවිතා කරන සාමාන්ය මූලධර්ම පහත පරිදි වේ.

  • ගෘතපාන – කර්ණස්රාව වාත දෝෂය මූලික කරගනිමින් හටගනී. ගෘතපාන වල මධුර රස, ශීත වීර්ය් හා මධුර විපාක වාත දෝෂය සමනය කරයි.
  • රසායන ඖෂධ යෙදීම – සිරුරේ ප්රතිශක්තිය වැඩිකරයි. කඵ හා වාත දෝෂ සමනය කරමින් කර්ණ රෝග නසයි.
  • බ්රහ්මචර්යා – සත්ත්ව ගුණ ඇතිකිරීම මගින් කර්ණ රෝගීන්ට සහනය ලබාදෙයි.
  • අව්යායාම – ව්යායාමයෙහි යෙදීම වාත දෝෂය කෝප කරන හෙයින් ව්යායාමයේ යෙදීමෙන් වැළකිය යුතුවේ.
  • ශීර්ෂ අස්නාන – වැඩිවේලා ජලය ස්නානය, කිමිදීම , පිහිනීම වැනි කරුණු හේතුවෙන් ජලය කර්ණ නාලය තුළට ගමන් කරයි. මෙයින් කර්ණමළ තෙත්වීම නිසා බැක්ටීරියා ආසාදන ඇතිවීමේ අවධානම වැඩිවේ. එමනිසා කර්ණ රෝග ඇති තැනැත්තෙකු ස්නානනය කිරීම නුසුදුසු ලෙස දක්වා ඇත. 
  • අතිභාෂ්ය – අධික ලෙස කතා කිරීම වාත දෝෂය කෝප කිරීමෙහිලා හේතුවේ. එසේම ශබ්දමතියෝගය කර්ණ රෝග ඇතිකිරීමට හේතුවකි.

ඊට අමතරව පහත විශේෂ චිකිත්සා ක්රම මගින් රෝගියාට වෙසෙස් සහනයක් ලබාදේ.

කර්ණ පූරණය

මෙහිදී කණ වටා මද උණුසුම් දියරයකින් තැවීම හෝ මද උණුසුම් ඖෂධ කණට වත්කිරීම සිදුකරයි. මේ සඳහා ස්වරස හා තෛල වර්ග යොදාගන්නා අතර ස්වරස යෙදීමේදී කෑමට පෙරද, තෛල යෙදීමේදී කෑමට පසුද ප්රතිකාර සිදුකරයි.

උදා :- ආම්රාදී තෛලය – සැරව සහිත කණ් සුවකරයි.

කර්ණ ශූලහර යෝග යෙදීම

කහ පැහැති ඉදුණු වරා පත්ර වල ගිතෙල් තවරා මඳක් රත්කර යුෂය වෑස්සීමට සලස්වා කර්ණශූල සඳහා කණට වත්කිරීම සිදුකරයි.

කර්ණ ශූලපාක හර යෝග යෙදීම

බැටළු මූත්ර මිශ්රකර සාදාගත් උණුසුම් දියරයට සහිඳලවණ එකතුකර කණ් පැසවීම නිසා ඇතිවන ශූලයට යෙදීම කරයි.මීට අමතරව කර්ණ ධූපන, කර්ණ ප්රක්ෂාලන හා අවචූර්ණ ක්රම යෙදීම සිදුකරයි.

කර්ණ රෝග සඳහා යෙදිය හැකි අනෙකුත් යෝග

  • ස්වර්ජික තෛලය -කර්ණ නාද, කර්ණ ශූල, බාදීර්ය හා කර්ණ ස්රාව වලට යහපත් වේ.
  • අපාමාර්ග ක්ෂාර තෛලය- බාදීර්ය හා කර්ණ නාද වලට යොදයි.
  • සර්ජික රස යෝග- කර්ණ රුජා, කර්ණ ස්රාව හා කර්ණ දාහ තත්ව ශමනය කරයි.

   ආයුර්වේද වෛද්යවරයා විසින් රෝග රෝගී බලාබලත්වය සළකා බලා ඉහත ප්රතිකාර ක්රම තීරණය කරන අතර ඊට සුදුසු පරිදි පත්යාපත්යද නිර්ණය කිරීම සිදුකරයි. මේ අනුව ආයුර්වේද වෛද්ය ශාස්ත්රය තුළින් කර්ණ රෝග සඳහා පූර්ණ සුවය ලබාගැනීවේ හැකියාවක් පවතී.

Leave a Reply