loader

දියවැඩියාව යනු වර්තමානය සමාජය තුල බහුලව දක්නට ලැබෙන බෝ නොවන රෝග කාණ්ඩයෙන් එකකි. මෙහිදී රුධිරයේ පැවතිය යුතු ග්ලූකෝස් මට්ටම සාමාන්ය ප්රමාණයට වඩා වැඩිවීම සිදුවේ. රුධිරගත ග්ලූකෝස් මට්ටම පාලනය කිරීම සඳහා අග්න්යාශයේ බීටා සෛල මගින් ඉන්සියුලින් නම් හෝර්මෝනය නිපදවයි. ශරීරය මගින් මෙම හෝර්මෝනය ප්රශස්ථ අන්දමින් නිපදවීමක් සිදුනොවීම හා ශරීරය ඉන්සියුලින් හෝර්මෝනයට නිසි අයුරින් පිලිතුරු නොදීම දියවැඩියාව ඇතිවීමට හේතුවේ. 

  ප්රධාන වශයෙන් දියවැඩියාව ආකාර 3කි.

  1. Type 1 diabetes – මෙහිදී සිය ප්රතිශක්තිකරණ පද්ධතිය මගින් අග්න්යාශයේ ඉන්සියුලින් ස්රාවය කරන බීටා සෛල විනාශ කරදැමීම නිසා ශරීරය තුල ඉන්සියුලින් මට්ටම පහළ යයි.
  2. Type 2 diabetes – මෙහිදී ඔබගේ ශරීරය මගින් ඉන්සියුලින් වලට ප්රතිරෝධීතාවයක් දක්වයි. එමනිසා රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළයාම සිදුවේ.
  3. Gestational diabetes (ගර්භණී අවධියේ ඇතිවන දියවැඩියාව) – කළල බන්ධය මගින් ඉන්සියුලින් වල ක්රියාකරීත්වය අඩපණ කරන හෝර්මෝන නිපදවීම හේතුවෙන් මෙම වර්ගයට අයත් දියවැඩියා තත්වය ඇතිවේ.

   එසේම පහත සඳහන් කරුණු දියවැඩියාව සඳහා අවධානම් සාධක ලෙස බලපායි. මෙම අවධානම් සාධක පිළිබඳ සැලකිලිමත් වීමෙන් ඔබට දියවැඩියාව වැළඳීමට ඇති ඉඩකඩ අවම කරගත හැක.

  • පවුලේ රෝග ඉතිහාසය
  • ස්ථූලතාවය
  • කායික ක්රියාකාරීත්වය අඩුවීම
  • වයස 
  • අධි රුධිර පීඩනය
  • අසාමාන්ය කොලෙස්ටරෝල් හා ට්රයිග්ලිසරයිඩ් මට්ටම

  දියවැඩියා රෝගියෙකුගේ රෝග ලක්ෂණ පහත පරිදි දැක්විය හැක. 

  • අධික පිපාසය 
  • නිතරම මුත්රා පහ කිරීම අවශ්යතාව
  • මූත්ර වල කීටෝන අඩංගු වීම   
  • අධික කුසගින්න 
  • අලසබව
  • ඇස් පෙනීම දුර්වල වීම 
  • තුවාල සුවවීමට කල් ගතවීම

   මෙම තත්වය දීර්ඝකාලීනව පැවතීම මගින් හෘදය, රුධිර නාල, අක්මාව, ඇස් හා ස්නායු ආදී ශරීරයේ වැදගත් අවයව රාශියකට හානි සිදුකරයි. එමනිසා දියවැඩියාව යනු කුමක්ද හා එය පාලනය කරගැනීමට ඔබගේ ජීවන රටාව හැඩගස්වා ගතයුතු ආකාරය පිළිබඳව ඔබ දැනුවත් විය යුතුමය.

   ඈත අතීතයේ පටන් ආයුර්වේදය තුල යහපත් සෞඛ්ය තත්වයක් පවත්වාගැනීම සඳහා අප විසින් ගන්නා ආහාර හා ජීවන රටාවේ වැදගත්කම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරඇත. ආයුර්වේදය තුල දියවැඩියාව මධුමේහ ලෙස හැඳින්වෙන අතර එය ප්රමේහ රෝග අධිකාරියෙන් එකක් ලෙස සඳහන් වේ. දියවැඩියා රෝගය පාලනය කරගැනීම හෝ ඉන් වැළකීම සඳහා තම ජීවන රටාව වෙනස් කරගත යුතු ආකාරය පිළිබඳව ආයුර්වේදය තුල මනාව සඳහන් කර ඇත. එය පහත පරිදි දැක්විය හැක. 

  • සෞඛ්යාරක්ෂිත ආහාර වේලක් ගැනීම.

   අපගේ ශරීරයට අවශ්ය ග්ලූකෝස් සියල්ලක්ම පාහේ අප ලබාගන්නේ අප ගන්නා ආහාර මගිනි. අනවශ්ය ලෙස ආහාර අපගේ ආහාර වේලට එක්කර ගැනීම දියවැඩියා රෝගීන්ට ඉතා අහිතකර වන අතර ඉන් රුධිරගත සීනි මට්ටම ඉහළ යාහැක. දියවැඩියා රෝගීන් එළවළු, පලතුරු හා ධාන්ය වර්ග වැඩිපුර ආහාරයට එක්කර ගතයුතු අතර මේද රහිත කිරි හා මේදය අවම වූ මස් ආහාරයට ගත යුතුය. අධික ලෙස සීනී සහිත ආහාර හා මේදය සහිත ආහාර භාවිතයෙන් වැලකියයුතුය. ඔබ ලබගන්නා කාබෝහයිඩ්රේට්ද පසුව ග්ලූකෝස් බවට පත්වන නිසා ඒ පිලිබඳවද සැලකිලිමත් විය යුතුය.

  • ව්යායාම වල නිරත විම.

   ව්යායාම වල නිරතවීම ඔබේ ශරීර ක්රියාකාරීත්වය වැඩිකරයි. මේ හේතුවෙන් ලැබෙන ප්රතිලාභ රැසක් වෙයි. විශේෂයෙන්ම රුධිරගත ග්ලූකෝස් ප්රමාණය අඩුකිරීම,  ඉන්සියුලින් සඳහා ශරීරයේ සංවේදීතාව වැඩි කිරීම, ඉන්සියුලින් ප්රතිරෝධීතාවයට එරෙහිව ක්රියාකිරීම සිදුවේ. තවද සිරුරේ බර පාලනය කිරීම, රුධිර පීඩනය පාලනය, අහිතකර LDL කොලෙස්ටරෝල් හා ට්රයිග්ලිසරයිඩ් අවම කිරීම, හිතකර HDL ප්රමාණය වැඩිකිරීමද වක්රාකාරව දියවැඩියාව පාලනයට දායක වේ. 

   කලක පටන් සිරුර එතරම් සක්රීයව ක්රියාත්මක නොකල පුද්ගලයන්ට එක්වරම ව්යායාම ආරම්භ කිරීම අපහසුය. එවන් පුද්ගලයන් හට යෝග ආසන ක්රම භාවිතාකිරීම මගින් සිය සෞඛ්ය තත්වය ඉහළ නංවා ගතහැක. තදාසන, අධෝමුඛ ස්වාසන, බාලාසන ආදිය දියවැඩියාව සඳහා සුදුසු යෝගක්රම කිහිපයකි.

  • ඔබේ වෛද්යවරයා හමුවී රෝග තත්වය පිළිබඳව දැනුවත්වීම.

   ඔබ දියවැඩියා රෝගයෙන් පෙලෙන්නේ නම් නිතරම ඔබගේ වෛද්යවරයා හමුවී වත්මන් රෝග තත්වය පිළිබඳව දැනුවත් වියයුතු අතර වෛද්ය උපදෙස් පරිදි ඔබේ රුධිරගත ග්ලූකෝස් ප්රමාණය පරීක්ෂා කර ගතයුතුය. ඇස් පෙනීමේ දුර්වලතා, සුව නොවන තුවාල ආදිය ඇත්නම් ඒවා සඳහාද ප්රතිකාර ලබාගත යුතුය. එසේම වෛද්යවරයා විසින් නියම කරන ලද ඖෂධ නියමාකාරයෙන් ගැනීමද ඔබගේ රෝග තත්වය පාලනයට ඉතාම වැදගත් වේ.

  • මත්පැන් හා දුම්වැටි භාවිතයෙන් වැලකිය යුතුය.

   ගර්භණී කාන්තාවන්, පාලනය නොකල රුධිර පීඩනය හෝ ඇස් හෝ වකුගඩු හානි වැනි දියවැඩියාවේ සංකූලතා ඇති අය විශේෂයෙන්ම මෙම මත්ද්රව්ය හා දුම්වැටි භාවිතය අතහැරිය යුතුය. මත්පැන් වලට ඔබගේ රුධිරගත ග්ලූකෝස් ප්රමාණය එක්වරම ඉහළයැවීම හෝ පහළ දැමීම සිදුකල හැකි බැවින් දියවැඩියා රෝගීන් ඒ පිලිබඳව සැලකිලිමත් වියයුතුය. 

  • ආතති කළමනාකරණය කිරීම

මානසික ආතතිය දියවැඩියාව සඳහා හේතුවක් නොවන නමුදු රුධිරගත ග්ලූකෝස් මට්ටම කෙරෙහි බලපෑමක් එල්ලකිරීමෙහි සමත්වේ. මේ නිසා මානසික ආතතිය පාලනය කර ගැනීම සඳහා සංගීතයට සවන්දීම, භාවනා කිරීම, යෝග ආසන හා ප්රාණයාම වල නිරත වීම, විනෝදාංශ වල නිරතවීම ආදී ඔබේ සිතට සතුටක් ගෙනදෙන ඕනෑම දෙයක නිරතවීම මගින් මානසික ආතතිය කළමනාකරණය කරගැනීම වැදගත් වේ.

    ආදිතම වෛද්ය ශාස්ත්රයක් වන ආයුර්වේදය තුල පුදගලානුබද්ධ චිකිත්සීය ක්රමවේද මගින් දියවැඩියාව හෙවත් මධුමේහයට සුවය සලසන අතර ආහාර, විවේක ගැනීම සහ ආතති කළමනාකරණය වැනි වෙනත් සෞඛ්යසම්පන්න වෙනස්කම් සමග ශාරීරික ව්යායාම ඒකාබද්ධ කිරීමෙන් දියවැඩියාව ඇති පුද්ගලයන්ට ඔවුන්ගේ සමස්ථ සෞඛ්ය කළමනාකරණය කිරීමට උපකාරී කරයි.

Leave a Reply