loader

ආයුර්වේද වෛද්ය ශාස්ත්රය තුළ රෝග ගණනාවකට සුවය සලසන ප්රතිකාර ක්රම සමූහයක් ලෙස ‘පංචකර්ම’ ප්රතිකාර හැඳින්වියහැක.

වමන, විරේචන, වස්ති, නස්ය හා රක්ත මෝක්ෂ්ණ ලෙස අංග පහකින් සමන්විත වන මෙය ශෝධන ප්රතිකාර ගණයෙහි ලා සැළකේ.ඒ අතුරින් නස්ය කර්ම පුද්ගල ශරීරයේ ඉහළ කොටසේ දෝෂ තත්ව ඉවත්කිරීම පිණිස බහුලවම භාවිතාකරයි.

“ඖෂධං වා ඖෂධ සිද්ධෝ ස්නේහෝ වා නාසිකාභ්යාම් දීයතේ ඉති නස්යම්”

-සු.චි. 40/21-

නාසයේ සිදුරු තුළින් අදාල ඖෂධය හෝ ඖෂධ තෛල ශරීරගත කිරීම නස්යයි.

  • නස්ය කර්ම සඳහා ‘නස්ය’ හා ‘නවන’ යනු පර්යායන් වේ.

චරක සංහිතාවට අනුව නස්ය වර්ග 5 කි.

  1. නවන නස්ය – තෛල වර්ග හා ගිතෙල් භාවිතකරයි.
  2. අවපීඩ නස්ය – ඖෂධ ස්වරස භාවිතකරයි.
  3. ප්රධමන නස්ය – ඖෂධ චූර්ණ භාවිතකරයි.
  4. ධූම නස්ය – ඖෂධීය ධූම නාස්මාර්ගයෙන් ආශ්වාස කරයි.
  5. ප්රතිමර්ස හා මර්ස නස්ය 

ක්රියා පිළිවෙළ

නස්ය කර්මය අදියර 03ක් ඔස්සේ සිදුකරයි.

  1. පූර්ව කර්ම
  2. ප්රධාන කර්ම
  3. පශ්චාත් කර්ම

පූර්ව කර්ම

  • මළ, මුත්ර වේග පහකිරීමෙන් අනතුරුව හා ආහාර සම්පූර්ණයෙන් ජීර්ණය වී රෝගියා කුසගින්නෙන් තොරව සිටින විට පූර්ව කර්ම සිදුකරයි.
  • ප්රථමයෙන් රෝගියා සිය මුහුණ හා මුඛය පිරිසිදු කරගත යුතුය.
  • ඔහුව හිස කෙළවර පහලට නැඹුරුවූ මේසයක උඩුකුරුව සතපයි.
  • ඉන්පසු මුහුණ සහ ගෙල ප්රදේශයේ ස්ථානික සම්භාහනයක් සිදුකරයි.

ප්රධාන කර්ම

  • රෝගියාගේ ඇස් ආවරණය කළ යුතු අතර නාසයට ඇතුල්කරන ඖෂධ මඳ රස්නයකින් යුක්ත වියයුතුය.
  • නාසයේ කෙළවර මඳක් ඉහළට ඔසවා එක් නාස් පුඩුවකින් ඖෂධ ඇතුල් කර අතර අනෙක් නාස් පුඩුව වසාතබයි.
  • නාස් පුඩු දෙකටම ඖෂධ ඇතුල්කිරීම එකම ක්රියාපටිපාටියකට නැවත නැවත සිදුකෙරේ.
  • ඖෂධ උගුරට පැමිණේනම් රෝගියා තත්පර 5-10 ත් අතර කාලයක් කෙළ නොගසා තබාගත යුතුය.
  • මුහුණ, අත්ල, යටිපතුල් මත අතුල්ලමින් මඳක් සම්බාහනය කරයි.
  • ඉන්පසු රෝගියා සෙමෙන් ආශ්වාස කර ඖෂධ සියල්ල පිටවන තුරු මුඛයට ශ්රාවය වනදේ කෙළගසා පිටකල යුතුය.

පශ්චාත් කර්ම

  • ස්රාවයන් අඩුවන තුරු මුහුණේ සහ බෙල්ල ප්රදේශය සම්භාහනය කිරීම සිදුකරයි.
  • නස්ය කර්ම හේතුවෙන් හිස ආශ්රිත ස්රෝතස්හි කෝප වූ කඵ දෝෂය ශමනය කිරීමට ඖෂධීය ධූම ආඝ්රාණය කරවයි.
  • අවසානයේ මඳ උණුසුම් ජලයෙන් මුඛය පිරිසුදු කිරීමට උපදෙස් ලබාදේ.

නස්ය කර්ම භාවිතාවන අවස්ථා 

  • පීනස
  • ශිරා ස්තම්භ 
  • මන්ය ස්තම්භ
  • වර්ත්ම රෝග
  • තිමිර
  • ශුක්ලගත රෝග
  • ශිරා ශූල 
  • දන්ත ස්තම්භ 
  • හනු ස්තම්භ
  • අර්ධාවභේදක
  • නාසා ශූල
  • කර්ණ ශූල
  • ග්රිවා ශූල
  • මුඛ රෝග

නස්ය කර්ම නුසුදුසු පුද්ගලයින්

  • අජීර්ණ සහිත පුද්ගලයන්
  • මධ්යසාර පානය කල පුද්ගලයන්
  • ජලය අධික ලෙස පානය කල පුද්ගලයන්
  • අධික පිපාසයෙන් යුක්ත වූවන්
  • අධික වෙහෙසට පත්වූවන්
  • විෂ ශරීරගත වූ පුද්ගලයන්
  • සිහිමූර්ජාවෙන් පසුවන්නන්
  • තියුණු ආයුධ වලින් තුවාල වූවන්
  • ගර්භණී මවුවරුන් හා කිරිදෙන මවුවරුන්
  • කුඩා දරුවන්

නස්ය කර්ම නුසුදුසු වේලාවන්

  • ආහාර ගත් විගස
  • ස්නානය කළ වහාම
  • විරේචන ප්රතිකාර කළ වහාම
  • අනුවාසන වස්ති කළවිට
  • අධික ව්යායාමයෙන් වෙහෙසට පත්වූ විට
  • අධික තරහව සහිත වූ විට 

නස්යකර්ම සිදුනොකළ යුතුය.

Leave a Reply