loader

වර්තමානයේ ගැහැණු පිරිමි භේදයකින් තොරව වැඩිහිටි බොහෝ පිරිසක් පීඩාවිඳින තත්වයක් ලෙස නහර ගැටගැසීම දැක්විය හැකිය. බටහිර වෛද්ය විද්යාවට අනුව මෙය varicose vein ලෙස හඳුන්වයි. එය අසාමාන්ය ලෙස විශාල වූ ගැටගැසුණු ශිරා සමූහයක් ලෙස දක්වයි.

   අප හෘදය මගින් ශරීරය පුරා ඔක්සිජනීකෘත රුධිරය බෙදාහරිනු ලබන්නේ ධමණී මගින් වන අතර ඔක්සිජනීහෘත රුධිරය නැවත හෘදය කරා ගමන්කරන්නේ ශිරා මගිනි. මෙහිදී ශිරා තුලින් රුධිරය ගමන් කිරීම ගුරුත්වයට විරුද්ධව සිදුවන්නක් නිසා රුධිරය ආපසු ගැලීම වැළැක්වීම සඳහා හෘදය දෙසට විවෘත වන කපාට පිහිටයි. මෙම කපාට දුර්වල වීම හෝ හානියට පත්වීම නිසා නිසි ක්රියාකාරීත්වයෙන් බැහැර වියහැක. එවන් අවස්ථා වලදී රුධිරය ඒ ආශ්රිතව එකතුවීමක් සිදුවේ. එසේම දීර්ඝකාලීනව සිදුවන ශිරා තුල අභ්යන්තරික පීඩනය වැඩිවීම හා රුධිර නාල බිත්ති වල ශක්තිමත්බාවය හා ප්රත්යස්ථබාවය අඩුවීමද මීට හේතු වියහැක. මෙම තත්වය බොහෝවිට පාද ආශ්රිතව දැකගත හැකිය. 

   මෙම තත්වය ඇතිවීම සඳහා අවදානම් සාධක ලෙස පහත කරුණු දැක්විය හැක.

  • පවුලේ රෝග ඉතිහාසය
  • වයස – වයස්ගත වන විට කපාට දුර්වල වීම හේතුවෙන් නහර ගැටගැසීම සඳහා වන අවධානම වැඩිය.
  • ස්ත්රී පුරුෂ භාවය – ආර්ථවහරණයේදී හා ගර්භණීත්වයේදී හෝර්මෝන වෙනස්වීම් මත කාන්තා පාර්ශවයට පුරුෂයින්ට වඩා නහරගැට ගැසීමේ වැඩි සම්භාවිතාවයක් පවතී.
  • ඉරියව්ව – දවසේ දිගු වේලාවක් සිටගෙන හෝ වාඩිවී සිටීම හෝ එකම ඉරියව්වෙන් දීර්ඝ වේලාවක් සිටීම රුධිර ගමනාගමනයට බාධා ඇතිකරයි.
  • ස්ථූලභාවය – තරබාරුව නිසා රුධිර නාල මත අතිරික්ත පීඩනයක් ඇති කරයි.
  • ගර්භණී බව
  • රුධිර නාල ආශ්රිත රෝගාබාධ 

   මෙම නහර ගැටගැසීම නිසා රෝගීන් තුල ඇතිවන රෝග ලක්ෂණ ලෙස පහත පරිදි වේ.

  • තද දම් පැහැති හෝ නිල් පැහැති ඉදිමුණ, දඟරගැසී ඇති ස්වභාවයයෙන් යුතු නහර පැවතීම.
  • පාද වල තදභාවය නිසා ඇවිදීමේදී අපහසුවක් දැනීම
  • පාද වල ඉදිමීම
  • කෙණ්ඩා පෙරලීම
  • නහර ගැටගැසී ඇති ස්ථානයන්හි කැසීම
  • පාදයේ ඇඟිලි ක්රියාත්මක කිරීම අපහසුව
  • දීර්ඝ වේලාවක් සිටගෙන සිටීමෙන් හෝ වාඩිවී සිටීමෙන් පසුව ඇතිවන අධික වේදනාව
  • නහර ගැට ගැසීම් ඇති ස්ථාන වල ඇතිවන කුඩා තුවාලවීමකින් පවා අධික රුධිර වහනයක් ඇතිවීම
  • සම හරහා පෙනෙන ඇඹරුණ කුඩා රුධිර නාල (spider veins)
  • අදාළ ප්රදේශයේ සමේ වර්ණයෙහි වෙනස්වීම් ඇතිවීම

   වර්තමානයේ බොහෝදෙනා තුල මෙම තත්වය දැකගත හැකි වුවද තම සිරුරට අපහසුතාවයක් දැනෙනතුරුම ඔවුන් ඊට ප්රතිකාර කිරීම සඳහා යොමු නොවෙයි. මෙසේ නිසි කලට නිසි ප්රතිකාර නොගැනීම නිසා ඔවුන් තුල නොයෙක් සංකූලතා හටගනී. ඉන් කිහිපයක් පහත දැක්වේ.

  • තුවාල ඇතිවීම
  • රුධිර ගැලීම් ඇතිවීම
  • රුධිර කැටි ඇතිවීම
  • සමේ රෝග – varicose eczema 

   ආයුර්වේදයට අනුව නහර ගැටගැසීම වාත දෝෂය ප්රකෝපවීම හේතුවෙන් හටගන්නා අතර ආයුර්වේදය තුල මෙම නහර ගැටගැසීම සඳහා විශේෂිත වූ තෙල් ගැල්වීම්, අභ්යංග ප්රතිකාර, නහර විද රුධිරය ඉවත් කිරීම,  කැසීම් ආදිය මගහරවා ගැනීම සඳහා ඖෂධීය සාරයන්ගේ පාද ගිල්වා තැබීම, අභ්යන්තරව කෂාය ආදිය භාවිතා කිරීම ආදී විශේෂ චිකිත්සා ක්රම රාශියක් පවතින අතර සාම්ප්රදායික සහ ස්වභාවික ඖෂධ යෙදීම මගින් රෝගීන්ට සුවතාවය සලසයි. 

   ආයුර්වේද වෛද්ය විද්යාවේ නහර ගැටගැසීමේ රෝගයට උපයෝගී කරගන්නා ඖෂධ මගින් පහත සඳහන් දේ සිදුකරයි.

  • රුධිර සංසරණය වැඩිදියුණු කිරීම හා කපාට වල ක්රියාකාරීත්වය ප්රතිසංස්කරණය කිරීම.
  • ක්රියාවිරහිත නහර මගින් ඇතිවන හානිය, එනම් මාංශපේශීන දුර්වල වීම, සංවේදනය අඩුවීම ආදිය යළි ප්රතිස්ථාපනය කිරීම.
  • සංචය වීමෙන් අපිරිසිදු වූ රුධිරය යළි පිරිසිදු කිරීම.
  • පරිවෘත්තිය වේගය වැඩි කිරීම, රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අවම කිරීම හා එමගින් රුධිර කැටි ඇතිවීමේ අවධානම අවම කිරීම.
  • රෝග ලක්ෂණ ලෙස ඇතිවන කැසීම් තත්ව අවම කිරීම.

   මෙම ප්රතිකාර වලට අමතරව ආයුර්වේදයේ එන විශේෂ ප්රතිකාර ක්රමයක් වන කූඩැල්ලන් ආධාරයෙන් අපිරිසිදු රුධිරය ඉවත් කිරීමේ ක්රියාවලිය නහර ගැටගැසීම සඳහාද ප්රතිකාර විධියක් ලෙස උපයෝගී කරගනී. මෙම චිකිත්සාව සඳහා නිර්විෂ කූඩැල්ලන් යොදාගන්නා අතර මේ සඳහා පලපුරුදු වෛද්යවරයෙකු යටතේ ප්රතිකාර ගැනීම වඩාත් සුදුසුය.

    මීට අමතරව යෝග ආසන වල නිරතවීම මගින් ඉදිමීම හා වේදනාව සමනය කරන අතර රුධිර සංසරණයද ක්රමවත් කරවයි. එම නිසා යෝග ආසන වල නිරතවීම  නහර ගැටගැසීමේ රෝගී තත්වයට සහනදායී පියවරක් වනු ඇත. තදාසන, සලඹ සර්වාංගාසන, උත්තානාසන, මත්ස්යාසන ආදියනහර ගැටගැසීම සඳහා සුදුසු යෝගාසන ලෙස දැක්විය හැක.

   ඔබේ පාද වල නහර ගැටගැසීමේ තත්වයක් ඇත්නම් පහත ක්රම අනුගමනය කිරීම මගින් එහි වේදනාව යම්තාක් දුරට සමනය කරගත හැකි අතර රෝගය උග්ර අතට හැරීම වළක්වයි.

  • දීර්ඝ වේලාවක් සිටගෙන හෝ වාඩිවී සිටීමෙන් වැළකීම
  • නිතර ඉරියව් මාරු කිරීම
  • ව්යායාම වල නිරත වීම
  • උසට සරිලන බර පවත්වාගැනීම
  • නිදාගැනීමේදී පාද මඳක් එසවී සිටින සේ තබාගැනීම
  • වෛද්ය උපදෙස් මත බැන්ඩේජ් හෝ මේස් පැලඳීම
  • ප්රමාණවත් පරිදි ජලය පානය කිරීම
  • තන්තුමය ආහාර හා ලුණු වැඩි ආහාර ගැනීමෙන් වැළකීම

   සිරුරට අහිතකර සංකූලතා ඇතිවීමට ප්රථම, ඔබට නහර ගැටගැසීමේ රෝගී තත්වය ඇති බවට හඳුනාගන්නා ලද මූලික අවස්ථාවේම ප්රතිකාර ලබාගැනීමට යොමුවීම මගින් මින් පහසුවෙන්ම අත්මිදීමේ හැකියාව ඇත.

Leave a Reply