loader

ශ්රී ලංකාව තුල කාන්තාවන් සඳහා වැළදෙන්නා වූ පිළිකා තත්ව අතුරින් ප්රමුඛස්ථානය පියයුරු පිළිකා වලට හිමිවේ. සෑම වසරකදීම, ආසන්න වශයෙන් නව පියයුරු පිළිකා රෝගීන් 3000 ක් පමණ හඳුනාගනියි.

   ලදරුවෙකු මෙලොව එළිය දුටු පසු ඔහුගේ හෝ ඇයගේ මුල්ම පෝෂණ ප්රභවය වන්නේ සිය මවගේ මවුකිරිය. මෙසේ මවුකිරි නිපදවීමට හැකි පරිද්දෙන් කාන්තා පියයුරු වල ව්යුහය සකස්වී ඇත. පියයුරු ප්රධාන වශයෙන් මේද ධාතුවෙන්ද, මවුකිරි නිපදවන ග්රන්ථීන්ගෙන්ද, වසා ප්රණාල වලින්ද සමන්විත වේ. එසේම මෙම ස්තන ග්රන්ථීන්ගේ නිපදවෙන ස්තන්ය හෙවත් මවුකිරි රස ධාතුවේ උපධාතුවකි.

ආයුර්වේදයට අනුව පියයුරු පිළිකාවක් ඇතිවීමට පහත කරුණු හේතුවිය හැක.

  • ත්රිදෝෂ අසමතුලිතතාවය

ආයුර්වේදය වාත,පිත, කඵ යන ත්රිදෝෂය මත පදනම් වී ඇත. මෙම දෝෂයන් එකක හෝ කිහිපයක අසමතුලිතතාවය නිසා රෝග ඇතිවීම සිදුවේ. පියයුරු පටක වල මෙම ත්රිදෝෂයම අසමතුලිතවීම නිසා පිළිකා තත්වයක් ඇතිවීම සිදුවේ. 

  • පරම්පරාවේ යම් අයෙකුට පියයුරු පිළිකා වැළඳී තිබීම

යම් කාන්තාවකගේ පවුලේ ඇගේ මවට හෝ සහෝදරියකට හෝ දියණියකට ආදී පලමු පෙළ ඥාතියෙකුට පියයුරු පිළිකාවක් ඇත්නම් සහ ඇගේ මවගේ හෝ පියාගේ පාර්ශවයේ ඥාතියෙකුට පියයුරු පිළිකාවක් හෝ ඩිම්බකෝෂ පිළිකාවක් ඇත්නම් ඇයට පියයුරු පිළිකාව වැළඳීමේ අවධානම වැඩිය.

  • ආහාර හා දිවි පැවැත්ම

යම්කිසි පුද්ගලයෙක් විසින් සිරුරට හිතකර නොවෙන අපත්ය ආහාර ගැනීම හා නුසුදුසු විහරණ වල නියැලීමද එසේම ඥානයට විරුද්ධ ක්රියා වන ප්රඥාපරාධ වල නිරතවීම පියයුරු පිළිකා ඇතිකිරීමට හේතුකාරකයක් වේ. 

  • ජඨරාග්නියේ දෝෂ සහිත බව

මෙය ශරීරය තුල ආමය හෙවත් විෂ සහිත දූෂ්ය තත්ව එක් රැස් වීමට ඉඩ සලසන අතර ඒ හේතුවෙන් ශරීරයේ සියලුම නාලිකා අවහිරවීම සිදුවේ.

  • වයස

වයසින් වැඩිවීමත් සමඟ පියයුරු පිළිකා වැළඳීමේ අවධානම ඉහළ යයි. බොහෝවිට පියයුරු පිළිකා දැකගත හැකිවන්නේ අවුරුදු 50ට වැඩි කාන්තාවන් තුලය.

   වැරදි ජීවන රටාව ප්රථමයෙන් දෝෂ එක් රැස් වීමට බලපාන අතර කාලයාගේ ඇවෑමෙන් රෝග ඇතිවීම සිදුවේ. මෙම රෝග වලට නිසිපරිදි ප්රතිකාර නොයෙදීම, අතිරික්ත දෝෂ සිරුරෙන් බැහැර නොකිරීම හා විෂ පදාර්ථයන් ඉවත් නොකිරීම හේතුවෙන් දීර්ඝකාලීන සංකූලතා ඇතිවීම සිදුවේ. මීටද ප්රතිකාර නොකර සිටීමෙන් හා එක් රැස් වූ දෝෂ ඉවත් කිරීමකින් තොරව මර්දනය කිරීමෙන් මෙම අතිරික්ත දෝෂ හා විෂ පදාර්ථයන් වඩාත් අවධානමට ලක්විය හැකි පියයුරු වැනි ස්ථාන වල සංචය වීමෙන් සන්නිපාතික ගුල්ම හෙවත් මාරාන්තික ගෙඩි ඇතිකරයි.

ඔබේ පියයුරු වල සෞඛ්යය තත්වය පහත අන්දමට ඔබ විසින්ම පරීක්ෂාකර ගත හැක.

  • මාසයකට වරක් පමණ මෙම පරීක්ෂාව සිදුකල යුතුය. ස්නානයෙන් පසු තෙත්වූ සම මත අත පහසුවෙන් ලිස්සායන බැවින් පරීක්ෂාකිරීම වඩාත් පහසුවේ.
  • උඩුකය නිරාවරණය කර කැඩපතක් ඉදිරියට ගොස් පියයුරු වල අසාමාන්යතා ඇත්දැයි පරීක්ෂාකර බලන්න.
  • පියයුරේ සෑම කොටසක්ම ආවරණය වන පරිදි පිටපැත්තේ සිට ඔරලෝසු කටු යන අතට අත තද කරමින් වම් අතින් දකුණු පියයුර හා දකුණු කිහිල්ලද, දකුණු අතින් වම් පියයුර හා වම්  කිහිල්ලද පරීක්ෂා කරන්න.
  • ඇඟිලි තුඩු ආධාරයෙන් පියයුරේ ගැටිති, සමට යටින් පවතින ඝනවීමක්, අසාමාන්ය තදගතියක් හෝ වේදනාවක් ඇත්දැයි නිරීක්ෂණය කරන්න.
  • මහපට ඇඟිල්ලෙන් තනපුඩුව වටා ඇති තදපැහැ කොටස මිරිකා මවුකිරි නොවන වෙනත් ස්රාවයක් නිකුත්වේදැයි පරීක්ෂා කරන්න.
  • පියයුරු පරීක්ෂාවෙන් පසු පහත සඳහන් දේ නිරීක්ෂණය වුවහොත් ඒ සම්බන්ධව ඔබේ විශේෂ අවධානයක් යොමුකරන්න.
  1. පියයුරු වටා ඇති පටක වලට පරිභාහිර වූ යම් ගැටිත්තක්, තද ගතියක්
  2. පියයුරේ හැඩයේ වෙනස්වීමක්
  3. තනපුඩුව ඇතුලට නෙරායාම
  4. පියයුර මතුපිට සමෙහි වෙනස්වීම්
  5. වෙනත් ස්රාවයන් වැගිරීම
  6. පියයුරු වල හෝ කිහිල්ලේ අසාමන්ය වේදනාවක් දැනීම

  පියයුරු පිළිකාවට ආයුර්වේද ප්රතිකාරයන්හි ස්වභාවික ප්රවේශය ඉතාම ඵලදායි වේ. නියමිත ආයුර්වේද පිළියම් භාවිතකිරීම තුලින් රසායන ද්රව්ය හා විකිරණ වලින් තොරව පියයුරු පිළිකාව සඳහා කාර්යක්ෂ්ම කළමනාකරණයක් ලබාගැනීමේ හැකියාවක් ඇත. මෙය ප්රධාන වශයෙන් පත්ය ආහාර විහරණ, ඖෂධ හා පියයුරු සම්බාහන ප්රතිකාර වලින් සමන්විත වේ. මෙම සමස්ථ ප්රතිකාර පද්ධතිය තුලින් පියයුරු පටක වල එක් රැස් වූ විෂ පදාර්ථ ඉවත්කිරීම, දෝෂ සමතුලිත කිරීම, සිරුර රසායනය කිරීම අරමුණයි. 

  • පියයුරු සම්භාහනය

දිනපතා පියයුරු සම්භාහනය මගින් කාන්තාවකගේ පියයුරු වල සාමාන්ය සමෝච්චය හුරුවන අතර එමගින් ගැටිති හෝ අක්රමිකතා හඳුනාගැනීමට පහසුවේ. තනපුඩු වල සිට අක්ෂීය වසාගැටිති දෙසට සම්භාහනයෙන් එම ප්රණාල වල වසා තරලය ප්රවාහනය උත්තේජනය වීමෙන් ඒවා එකතැන රැඳීසිටීම වළකී. 

පියයුරු සම්බාහනයේ පූර්ණ ප්රතිලාභ ලබා ගැනීම සඳහා පිරිසිදු කපු හෝ සිල්ක් පමණක් පැළඳීම අත්යවශ්යයයි. සාමාන්ය ශක්ති ප්රවාහයට බාධා කිරීමට නැඹුරු වන බැවින් කෘතිම තන්තු කිසිවක් පියයුරු සමඟ සම්බන්ධ නොවිය යුතුය. මේනිසා කෘතිම තන්තු මෙන්ම වයර් යොදාගෙන සකසන ලද තනපට භාවිතයෙන් වැළකියයුතුය.

  • ආහාර

සැර, කටුක, ලුණු, පැණිරස හෝ ඇඹුල් ආහාර, ඉතිරි වූ ආහාර, බැදපු ආහාර සහ සිසිල් ආහාර සහ බීම අධික ලෙස ගැනීමෙන් වැළකිය යුතුය. නිසි ආහාර සංයෝජනයක් පුරුදු විය යුතු අතර, ආහාර වේල් හෝ කෑම අතර පැය තුනත් පහත් අතර කාලයක් තිබිය යුතුය.බටහිර ක්රම වලටද ප්රතිකාර කරන්නේ නම් රසායනික චිකිත්සාව හෝ විකිරණ ප්රතිකාර පිත් දෝෂය බෙහෙවින් ප්රකෝප කරන බැවින් පිත සන්සුන් කරන ආහාර වේලක් අනුගමනය කළ යුතුය.

  • ඖෂධ

මෙහිදී ප්රධාන වශයෙන් වචා, කටුකී, ගුඩූචී ආදී ස්තන්ය ශෝධන ද්රව්ය භාවිතා කරයි. මෙම ඖෂධ පිළිකා නාශන හා ත්රිදෝෂ ශාමක ඖෂධ සමග එක්කර භාවිතයෙන් යහපත් ප්රතිඵල ලබාගත හැක.

  පිළිකා තත්වයේ ස්වභාවය, රොගී වී සිටින්නාගේ බලාබලත්වයද ඇතුලත්ව රෝග- රෝගී පරික්ශාවන් ඔස්සේ යමින් අයුර්වේද ප්රතිකාර සිදු කෙරෙන අතර ස්වාභාවික ප්රතිකර්ම පද්ධති භාවිතය ඔස්සේ රෝගීන් සුවපත් කිරීම සිදු කෙරේ

ගෙඩි වණ පිළිකා සම්බන්ධව පාරම්පරික වශයෙන් වෙදකම් කරන වෛද්යවරුන් මෙන්ම ස්ත්රී රෝග සම්බන්ධයෙන් විශේෂඥ ආයුර්වේද වෛද්යවරුන්ද පිලිකා රෝගී තත්වෙයෙන් පෙලෙන්නන් වෙනුවෙන් සුවය සලසයි.

Leave a Reply