loader

පංචකර්ම ප්රතිකාර අතුරින් එකක් වන වමන කර්ම ශෝධන ප්රතිකාර ක්රමයක් ලෙස හැඳින්වියහැක.

“තත්ර දෝෂ හරණම් ඌර්ධවභාග වමන සංඥකම්”

ශරීරයේ ඌර්ධව කොටසේ දෝෂ තත්ව බැහැරකිරීමේ ක්රමවේදයක් ලෙස වමන කර්මය යොදා ගනියි.

වමන කර්ම කුපිත වූ කඵ දෝෂය නිසා ඇතිවන රෝග තත්ව සඳහා විශේෂයෙන් යහපත් වූ ප්රතිකාර විධියක් ලෙස දැක්වියහැක.එසේම වමනය මගින් සිරුරට විෂ සහිත වූ දෝෂයන් ඉවත් කිරීම සිදුකරයි.

වමන කර්ම ප්රතිකාර නුසුදුසු අවස්ථා

  • හදවත් රෝග, අර්ශස් රෝග ඇති අය
  • පුරස්ථ ග්රන්ථිය විශාල වූවන් (prostate enlargement)
  • ආහාර මාර්ගයේ අවරෝධතා ඇති අය
  • ගර්භණී මවුවරුන්
  • කුඩා දරුවන්
  • මහළු පුද්ගලයින්
  • දුර්වල හෝ ආබාධිත ශරීර සහිත පුද්ගලයින්
  • පෙර සිදුකල වමන කර්ම ප්රතිකාර වලදී අපහසුතා ඇති වූවන්
  • රූක්ෂ ගුණ බහුල පුද්ගලයින්
  • ස්නේහ කර්ම සිදුනොකල පුද්ගලයින්

වමන කර්ම වල යෙදීමෙන් වැළකිය යුතුය.

වමන කර්ම යෙදීමට සුදුසු අවස්ථා

  • මෑතකදී ඇතිවූ ජ්වර තත්ව, අජීර්ණ තත්ව, මදසරුබව ඇතිවිට
  • ආහාර මාර්ගයේ පහළ කොටස තුළ පිත්ත දෝෂයේ අසමතුලිතතා ඇති විට
  • චර්ම රෝග
  • ආහාර ජීර්ණය නිසිපරිදි සිදුනොවන හා ආහාර වල රස නොදැනෙන අවස්ථාවන්ට
  • කාස, ශ්වාස, ශ්වසන පද්ධතිය ආශ්රිතව දීර්ඝකාලීන රෝග ඇතිවිට
  • ඇස, කණ, නාසය, ගෙල, උගුර ආශ්රිත කඵරෝග නාශනයට
  • අධික ලෙස නිදාගැනීම හෝ නින්ද නොයන අවස්ථා වලදී
  • සංවේදන ඉන්ද්රියන්ගේ ක්රියාකාරීත්වය දුර්වල වූ අවස්ථා වලදී

වමන කර්ම ප්රතිකාර ලෙස යොදාගනියි.

වමන කර්ම ප්රතිකාර පිළිවෙත

ප්රතිකාරය ප්රධාන අවස්ථා 03කින් සමන්විත වේ.

  1. පූර්ව කර්ම
  2. ප්රධාන කර්ම
  3. පශ්චාත් කර්ම

පූර්ව කර්ම

  • ශරීරය වමන කර්මය සඳහා සූදානම්කිරීම හා ශරීරගත විෂ සිරුරෙන් බැහැරකිරීම සඳහා ආමාශය වෙත රැගෙන ඒම සිදුකරයි.
  • මෙහිදී නිසිපරිදි ආහාර දිරවීමට හා ආමය බැහැරකිරීමට පාචන ද්රව්ය යෙදීම හා ස්නේහන කර්ම, ශරීර අභ්යංග, ස්වේදන කර්ම සිදුකරයි. 
  • වමනය සිදුකිරීමට පෙරදින ආහාරයට කඵ දෝෂය ඇතිකරන ආහාර අඩංගු වේ. උදා:- මාළු, තල, කිරි, මස් වලින් සකස් කල සුප්…

ප්රධාන කර්ම

  • ස්වභාවයෙන්ම කඵ දෝෂය උත්සන්න වන උදය කාලය තුල වමන කර්මය සිදුකරයි.
  • යහපත් නින්දකින් හා මලමුත්ර පහකිරීමෙන් පසු රෝගියාට සම්පූර්ණ ශරීර අභ්යංගයක් සිද්ධකොට ස්වේදන කර්ම සිදුකරයි.
  • වමනකාරක ඖෂධ හිස්බඩ, සුදුසු මාත්රාවකින් රෝගියාගේ මානසික හා ශරීර බලය හා රෝගය පිළිබඳ සලකා ලබාදෙයි.
  • බොහෝවිට මදනඵල හෝ වචා වමනකාරක ඖෂධ ලෙස ක්වාථ හෝ චූර්ණ ලෙස මී පැණියෙන් හා සහිඳලුණු සමඟ යොදයි.
  • උපරිම මිනි.48 (මුහුර්තය)ක කාලයකින් පසුව, ගිතෙල් හෝ කිරි ස්වල්පයක් හෝ සුප් හෝ යවාගු ප්රශස්ත ප්රමාණයෙන් පරිභෝජනයට උපදෙස් ලබාදේ.
  • වමනය ආරම්භ වූවිට රෝගියාගේ මුඛය පුළුල්ව විවරකර බාධාවකින් තොරව වමනයට සැලැස්වියයුතුය.
  • ප්රමාණවත් පමණ වමනය සිදුවන තෙක් හෝ පිත්වමනය වන තෙක් වමන කර්මය සිදුකරයි.

පශ්චාත් කර්ම

  • ධූමපානය සිද්ධකොට ඉතිරි කඵද සිරුරෙන් බැහැරකරවන අතර ඉන් අනතුරුව රෝගියාට විවේක ගැනීමට සලස්වයි.
  • උණුවතුර ස්නානය කිරීමට සලස්වා විශේෂිත ආහාර ලබාදෙයි.

ප්රතිලාභ

  • අත්යධික කඵ ශරීරයෙන් බැහැරකරයි.
  • ආහාර ජීර්ණය හා පරිවෘත්තිය වේගවත් කරයි.
  • ශරීර ශක්තිය, පෝෂණය හා ප්රතිශක්තිය නැවත ඇතිකරයි.
  • සරුබව හා ලිංගික ශක්තිය වැඩිකරයි.
  • වියපත්වීම පමා කරමින් නිරෝගිමත් ජීවිතයකට මඟපාදයි.

Leave a Reply