loader
FAQ

නිතර අසන ප්‍රශ්න

Ceylon Holistic ප්‍රතිකාර අන්තර්ජාල ගත අවකාශය යනු කුමක්ද?

මෙය  ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය,  දේශීය වෛද්‍ය, යුනානි,  සිද්ධ  සහ ඇලෝපති වෛද්‍ය  සේවාවන් මෙන්ම  අනෙකුත්  සෞඛ්‍යයය උපදේශන, අන්තර්ජාල ගත  ඖෂධ සැලක් හා නිවසටම වෛද්‍ය නිර්දේශිත ඖෂධ  බෙදාහැරීම් වැනි සේවාවන් රැසක් එකම තැනින්  අන්තර්ජාලය ඔස්සේ  සපයන  අන්තර්ජාල ගත අවකාශයකි.

අන්තර්ජාල  ගත  වෛද්‍ය හමුවක් යනු කුමක්ද

අන්තර්ජාලය ඔස්සේ audio video  telemedicine තාක්ෂණයන්  භාවිතා කරමින් සෞඛ්‍යය සේවා   සම්බන්ධ වෛද්‍යවරුන්  සහ අනෙකුත් නිලධාරීන් චැනල් කිරීම්ටත් අන්තර්ජාලය ඔස්සේ ඔවුන් සමග කතාබහ කිරීමටටත් තමන්ගේ සෞඛ්‍ය ගැටළු වලට විසඳුම් ලබාගත හැකියි පහසු ක්‍රමවේදයකි.

අන්තර්ජාල ගත වෛද්‍ය උපදේශන සේවා සාර්ථකද

ආයුර්වේද වැනි  වෛද්‍ය ක්‍රමයන්හි රෝගී පරීක්ෂාවේ දී  ප්‍රත්‍යක්ෂ, අනුමාන, ආතෝපදේශ, යුක්ති ආදී පරීක්ෂාවන් මෙන්ම ත්‍රිවිධ ප්‍රක්ෂාවන් ද, ෂඩ් විධ පරික්ෂාවන් ද ,නාඩි පරික්ෂාව ඇතුලත්ව අෂ්ට විධ පරික්ෂාව, දශ විධ පරික්ෂාවද, ද්වාදශ පරික්ෂාවද ආදී විවිධ ක්‍රමවේද ඔස්සේ යමින් ‍රෝගියා පරික්ෂා කර ඖෂධ නිර්දේශ කෙරේ. නාඩි පරික්ෂාව යනු හුදු එක් පරික්ෂාවක් වන අතර පළපුරුදු සහ දක්ෂ වෛද්‍යවරුන් රෝගියා මනාව පරීක්ෂා කර එම තත්වයන්ට අනුගත වෙමින් භාහිර හා අභ්‍යන්තර ප්‍රතිකාරයන්ට යොමු කරමින්   නවීන තාක්ෂණයද සම්මිශ්‍රණය කර  ගනිමින් සාර්ථක  ලෙස ප්‍රතිකාර කලමණාකරනය සිදුකරයි.

Ceylon Holistic මගින් සැපයෙන සේවාවන් මොනවාද ?

අන්තර්ජාලය හරහා පැය 24  පුරාවට වෛද්‍යවරුන් චැනල් කිරීමේ හැකියාව.  ඕඩියෝ වීඩියෝ telemedicine තාක්ෂණය හරහා අන්තර්ජාලය ඔස්සේ  වෛද්‍යවරුන් මුණ ගැසීමේ හැකියාව  වෛද්‍ය නිර්දේශිත ඖෂධ නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව   අන්තර්ජාල ගත ඖෂධාලය  අන්තර්ජාල ගත සෞඛ්‍ය තොරතුරු කියවීම් අවකාශය

වෛද්‍යවරයෙකු චැනල් කරන්නේ කෙසේද?

ඔබ පළමු වරට වෛද්‍යවරයෙකු චැනල් කරන්නේ නම් පළමුව ලියාපදිංචි වීම සඳහා පහත පියවර අනුගමනය කර  වෛද්‍යවරයෙකු චැනල් කරන්න. 1. පළමුව දකුණු පස ඉහළ කෙළවර  ඇති කොළ පැහැති appointment  බට්න් එක තද කරන්න.  2. ඔබ කැමති  වෛද්‍යවරයා, දිනය, වේලාව සහ සේවාව ලෙස  Telemed  තෝරා ගන්න.  පහල කෙලවර book appointment ඔබන්න 3.  ඔබේ නම්, ඊමේල් ලිපින ආදිය සම්පූර්ණ කර  ලියාපදිංචි වන්න.ඔබේ ලියාපදිංචිය  සනාථ කරමින් ඔබට ඊමේල්-මේල් පණිවිඩයක් ලැබෙනු ඇත.  4. දැන් ඔබේ ගිණුම්ට log  වන්න.  වෛද්‍යවරයා චැනල් කිරීමට book appointment  ඔබන්න 5. ඔබට වෛද්‍ය නිර්දේශිත ඖෂධ නිවසට ගෙන්වා ගැනීමට ඔබේ ලිපිනය ආදී තොරතුරු පුරවන්නන 6 .ඊළඟට චැනල් කිරීමේ ගාස්තු සම්පූර්ණ කිරීමෙන් පසු ඔබට වෛද්‍යවරයාගේ දිනය සහ කාලය වෙන් වූ බව සනාථ කරමින් ඊම-මේල් පණිවිඩයක් ලැබෙනු ඇත 7 .අදාල දෙනට ඔබේ ගිණුම්ට log වී එහි ඇති join button එක ඔබන්න එවිට ඔබගේ  වෛද්‍යවරයා සමග ඔබව සම්බන්ධ වනු ඇත. ඔබගේ ඊළඟ පැමිණීමේදී home page හී  දකුණු උඩ කෙළවර ඇති My account භාවිතා කරන්න . දැන් ඔබේ වෛද්‍යවරයා චැනල් කරන්න.

තොරතුරු සම්බන්ධ ආරක්ෂාව කෙසේද?

සියලු තොරතුරු ඉතාමත් ආරක්ෂාකාරීව  කළමනාකරණය සිදු කෙරේ.

මාගේ  සෞඛ්‍ය තොරතුරු  සම්බන්ධ ආරක්ෂාව කෙසේද?

ඔබේ සියලු සෞඛ්‍ය තොරතුරු ඔබේ වෛද්‍යවරයා සහ ඔබ අතර පමණක් හුවමාරු වන අතර ඒ සියල්ල ඉතා ආරක්ෂාකාරීව කළමනාකරණය සිදු කෙරේ

ඔබේ වෛද්‍යවරුන් ගේ සුදුසුකම් මොනාද?

Ceylon Holistic ආයතනය සමඟ සම්බන්ධව සිටින්නේ රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන් සහ සුදුසුකම් ලත් සෞඛ්‍ය වෘත්තිකයන් වේ.

ගෙවීම් කටයුතු සිදු සිදු කරන්නේ කෙසේද?

ඔබට අන්තර්ජාලය හරහා visa, mastercard, American express ආදී කාඩ්පත් භාවිතා කර අන්තර්ජාලය හරහා ගෙවීම් සිදුකල හැකියි.

වෛද්‍යවරයා සමග කතා කිරීමෙන් පසු බෙහෙත් තුන්ඩුව ලබා ගත හැක්ද ?

ඔබට බෙහෙත් තුන්ඩුව ලබා ගැනීමට හා නිර්දේශිත ඖෂධ නිවසටම ගෙන්වා ගැනීමට හැකිය.

අන්තර්ජාලය හරහා වෛද්‍ය හමුවක් සදහා අවශ්‍ය වන්නේ මොනවාද?

අන්තර්ජාල පහසුකම් සමග පරිගනකයක් හෝ දුරකතනයක් අවශ්‍ය වේ.

සෑම විටම එකම වෛද්‍යවරයා හමුවීමට හැකි ද?

ඔබේ ප්‍රති ප්‍රතිකාර පද්ධතිය දිගුකල් කාලීනව පවත්වාගෙන යාමට එකම වෛද්‍යවරයා නැවත දීර්ඝ කාලීනව චැනල් කිරීමට හැකියි. ඔබේ අවශ්‍යතාවය මත වෛද්‍යවරයා වෙනස් කිරීම්ටද හැකියාව පවතී

කලින් සිදුකරන ලද චැනල් කිරීම් අවලංගු කරන්නේ කෙසේද?

අපගේ විද්‍යුත් තැපැල් ලිපිනය හෝ දුරකථන අංකය ඔස්සේ අපව අමතා දැනුම්ද දීම සිදු කරන්න

අපගේ සේවය පිළිබඳ තෘප්තිමත් බවයක් නොමැතිනම් සිදු සිදුකළ හැක්කේ කුමක්ද?

අවශ්‍ය සැම සැම විටම ඔබට විශිෂ්ට සේවයක් සැපයීම්ට අප උත්සහ කරන්නෙමු .යම් හෙයකින් ඔබ අතෘප්තිමත් තාවයකට පත් වුවහොත් ඒ සම්බන්ධව අපගේ විද්‍යුත් තැපෑල හරහා හෝ දුරකථන අංකය හරහා අප අමතන්න.